Friday, July 15, 2011

හේමසිරි ප්‍රනාන්දු ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ උප සභාපති තනතුරට

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ උප සභාපති තනතුර සදහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පත්ව සිටිනවා.ජපානයේ ටෝකියෝ හී පැවති ආසියානු ඔලිම්පික් කමිටු වාර්ෂික සැසියේ දී මෙම පත්වීම සිදු වී තිබෙනවා.


ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ක්‍රීඩා පරිපාලකයෙකු මෙන්ම රජයේ ඉහළ තනතුරු ගණනාවක් උසුලමින් රාජ්‍ය පරිපාලනයට ද සම්බන්ධ වි සිටින හේමසිරි ප්‍රනාන්දු මේ වන විටත් ජනාධිපතිවරයාගේ ක්‍රීඩා උපදේශකයෙකු ලෙසත් තැපැල් අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙසත් කටයුතු කරනවා.අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක ගේ සමයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති හේමසිරි ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩා ගණනාවක් පරිපාලනයට සම්බන්ධ වී එහි සසබාපති තනතුරු ද උසුලා තිබෙනවා.
නාවික හමුදා නිලධාරියෙකු ලෙස කීර්තිමත් හමුදා රාකාරි සම්බන්ධ ඉතිහාසයකට උරුමකම් කියන හේමසිරි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙඩි තැබීමේ ඉසව්ව සදහා ජාත්‍යන්තර තරග රාශියකට සහභාගි වී රටට කීර්තියක් ගෙනා ක්‍රීඩකයෙකු ලෙසත් සිය ක්‍රීඩක ඉතිහාසය තුළ කැපී පෙණුනු ක්‍රීඩකයෙකු ද වෙනවා.


ඡායාරූපයේ දැක්වෙන්නේ හේමසිරි ප්‍රනාන්දු වත්මන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ජැක් රොග්ස් සමග සිහිවටනයක් හුවමාරු කරගත් අවස්ථාවකි.

No comments:

Post a Comment